දැක්ම
“මනුෂ්‍යත්වයෙන් විෂිශ්ටත්වයට”
මෙහෙවර
“සේවා දායකයින් සියලු දෙනාට මානුෂීය හැඟීම් පෙරදැරිව කඩිනම් සේවාවක් සැපයීම තුළින් විශිෂ්ට සම්පත් දායකත්වයක් ලබාදීම අපේ මෙහෙවරයි”
කාර්යයන්
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සේවකයින්ගේ (ආයතනගත තනතුරු හැර) පෞද්ගලිත ලිපිගොනු නඩත්තු කිරීම, යාවත්කාලීනව පවත්වාගෙන යෑම හා ඒ සඳහා වූ ලේඛන විධිමත්ව පවත්වාගෙන යෑම
- පළාත් පාලන ආයතනවල දහසක් පමණ වන කළමණාකාර සහකාර සේවයේ නිලධාරීන්ගේ අනුයුක්ත කිරීම්, ස්ථිර කිරීම්, උසස් කිරීම් හා විශ්‍රාම ගැන්වීම්
- ආදායම් පරීක්ෂක, තාක්ෂණ නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, හෙද, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ඖෂධවේදී, පුස්තකාලයාධීපති ඇතුලු සියලු ම උපලේඛනගත තනතුරු දරන්නන් ගේ සේවා කොන්දේසි කටයුතු ඉටුකිරීම
- පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු නිලධාරීන් කාර්යක්ෂමතා කඩඉම් හා විභාග සඳහා යොමුකිරීම හා සම්බන්ධ කටයුතු ඉටුකිරීම
- කාර්යක්ෂමතා කඩඉම් සහන ලබාදීම්, භාෂා ප්‍රවීණතාවෙන් නිදහස් කිරීම්, පරිගණක හා තාක්ෂණ විෂයයන්ගෙන් නිදහස් කිරීම් හා භාෂා දීමනා සම්බන්ධ කටයුතු සිදුකිරීම
- ආයතනගත නොවන හා දෙපාර්තමේනතුගත නොවන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු මණ්ඩල, අභියාචනා මණ්ඩල පැවැත්වීමේ කටයුතු
- ආයතනගත නොවන හා දෙපාර්තමේනතුගත නොවන සේවකයින්ගේ තොරතුරු දත්ත ගබඩාවක් මගින් යාවත්කාලීනව පවත්වාගෙන යාම
- පළාත් පාලන ආයතනවල 25458 වන කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවා කොන්දේසි කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දීම හා ගැටලු විසඳීම
- බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සේවකයින්ගේ නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධ කටයුතු
- 1991.01.01 දිනට පෙර පළාත් පාලන සේවයේ පත්වීම් ලද කණිෂ්ඨ සේවකයින් බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ කටයුතු සිදුකිරීම
- සියලු ම නිලධාරීන්ගේ හදිසි අනතුරු වන්දි හා නිවාඩු සම්බන්ධ කටයුතු
- ජ්‍යෙෂ්ඨතා ලේඛන සකස් කිරීමට අවශ්‍ය තොරතුරු හා නිර්දේෂ ලබාදීම
- අභ්‍යාසලාභීන් ප්‍රායෝගික පුහුණු සඳහා යොදවා ගැනීමට අවශ්‍ය කටයුතු ඉටුකිරීම
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල සේවකයින්ගේ විෂය පථයට අදාළව චක්‍රලේඛ, උපදෙස්, පූර්වාදර්ශ හා කාර්ව පටිපාටි ගොනු යාවත්කාලීනව හා විධිමත්ව පවත්වාගෙන යාම
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල සේවය කරන සේවකයින්ගේ සේවා කොන්දේසිවලට අදාළව යොමුවන පැමිණීලි හා ඉල්ලීම් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා අවශ්‍ය විසඳුම් ලබාදීම