FAQ

ස්ථාන මාරුවක් සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද?

සුහද ස්ථාන මාරුවක් සඳහා නම්,

  •  ස්ථාන මාරුව සඳහා එකඟත්වය පළ කරන නිලධාරින් දෙදෙනාගේ සම්පුර්ණ කරන ලද අයදුම්පත් ආයතන ප්රනධානියාගේ නිර්දේශ සහිතව ඉදිරිපත් කළයුතුය. අන්තර් පළාත් ස්ථාන මාරුවක් සඳහා නම්,
  • චක්‍රලේඛ අංක 25/91 යටතේ සම්පූර්ණ කළ අයදුම්පත් ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව පිටපත් 06 කින් යුතුව ඉදිරිපත් කළයුතුය.

භාෂා දීමනා ලබා ගැනිමට ඔබ සුදුසුකම් ලබන්නේ නම් ඉදිරිපත් කළ යුතු ලියවිලි ‍මොනවාද ?

  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 අනුව ඉදිපත් කළ යුතු ආයතන ප්‍රධානියාගේ නිර්දේශය සහිත අයදුම්පත
  • සේවය ස්ථිර කරන ලද ලිපියේ සහතික කරන ලද පිටපත
  • අදාළ සුදුසුකම සම්පුර්ණ කරන බවට අදාළ ආයතනය මඟින් සනාථ කරන ලද ලේඛණයේ සහතික කරන ලද පිටපතක්
  • ඉල්ලුම් කරන ලද භාෂාවෙන් රාජකාරි ඉටුකරන බවට ආයතන ප්‍රධානියාගේ නිර්දේශය

සේවය ස්ථිර කර ගැනීමට ඉදිරිපත් කළ යුතු ලියවිලි ‍මොනවාද ?

  • ආයතන සංග්‍රහයේ II වන පරිච්ඡේදයේ ii වන වගන්තය යටතේ සේවය ස්ථිර කිරිමේ ආකෘති පත්‍රය ආයතන ප්‍රධානියාගේ නිර්දේශය සහිතව
  • මුල් පත්වීම් ලිපියේ සහතික කළ පිටපත
  • සේවා ව්‍යස්ථාව/ බඳවා ගැනිමේ පරිපාටි අනුව සුදුසුකම් සනාථ කිරිමේ ලිපිවල සහතික කරන ලද පිටපත්
  • කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල ලේඛණය
  • වැඩ පරික්ෂණ වාර්තාව / සමාලෝචන වාර්තා
  • වෛද්‍ය පරීක්ෂණ වාර්තාව
  • ගිවිසුම
  • උප්පැන්න සහතිකය
  • දිවුරුම් ප්රිකාශය
  • වැඩ භාර ගැනීමේ ලිපියේ සහතික කළ පිටපතක්
  • පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ පත්වීම් ස්ථිර කර ගැනීම සඳහා වාර්තාව

නියමිත දිනට විශ්රාසම යාමට ඔබ කළ යුත්තේ කුමක්ද ?

  • විශ්‍රාම යාමට මාස 03 කට පෙර අදාළ අයදුම්පත ආයතන ප්‍රධනියගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කළයුතුය. [Click]
  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියෙකු නම් බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට අනුතර්ග්රුහණය කළ ලිපියේ සහතික කළ පිටපතක්ද ඉදිරිපත් කළයුතුය.

පරිගණක පරික්ෂණයෙන් නිදහස් වීමට ඉදිරිපත් කළ යුතු සහතික මොනවාද?

  • ගැසට් පත්‍රයයේ පළ කොට ඇති අනුමත ආයතන වලින් පරිගණක පාඨමාලාව අදාළ කාලය තුළ හැදෑරු බවට සහතිකය ආයතන ප්‍රධනියගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කළ යුතුය. (ගැසට් පත්ර්යේ පළ කොට ඇති ආයතන වරින් වර වෙනස් විමට ලක්වේ)

විදේශ නිවාඩුවක් අනුමත කර ගන්නේ කෙසේද?

  • ඊට අදාළ ආකෘති පත්‍ර වර්ග 04 න් පිටපත් 06 බැඟින්, රාජකාරි ආවරණය කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ ලිපිය හා විදේශ නිවාඩු සටහන් පත්‍ර යන දෙකින් පිටපත් 03 බැඟින් ආයතන ප්‍රධනියගේ නිර්දේශය ද සමඟ නිවාඩු ආරම්භ වන දිනයට වැඩකරන දින
  • 15 කට පෙර මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. (වැටුප් සහිත විදේශ රාජකාරි නිවාඩු, වැටුප් සහිත විදේශ අධ්‍යන නිවාඩු, වැටුප් රහිත විදේශ රැකියා/ අධ්‍යන නිවාඩු, වැටුප් සහිත පෞද්ගලික විදේශ නිවාඩු හා පළාත් පාලන ආයතන වල සභිකයන්ගේ දිවයිනෙන් බැහැර යාම සඳහා අවශ්යා ලියකියවිලි.

දේපළ ණය අයදුම්පත්රේයක් අනුමත කර ගන්නේ කෙසේද?

  •  26 පරිශිෂ්ඨය හා බැංකු මඟින් දේපළ ණය ලබාගැනීමේ අයදුම්පත්රපය ආයතන ප්ර ධානියා විසින් නිර්දේශ කර මිනින්දෝරු සැලැස්ම, ඔප්පුව හෝ හිමිකම් සහතිකය, ආසන්නම මාසයට අදාළ වැටුප් විස්තරය, පත්ඉරු ද අනෙකුත් අවශ්‍ය ලියකියවිලි ද සමඟ මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය.

නියමිත දිනට විශ්රාසම යාමට ඔබ කළ යුත්තේ කුමක්ද ?

  • විශ්‍රාම යාමට මාස 03 කට පෙර අදාළ අයදුම්පත ආයතන ප්‍රධනියගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කළයුතුය.
  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියෙකු නම් බස්නාහිර පළාත් රාජ්‍ය සේවයට අනුතර්ග්රුහණය කළ ලිපියේ සහතික කළ පිටපතක්ද ඉදිරිපත් කළයුතුය.

සේවය හැරගිය සේවකයෙකු නැවත සේවයෙහි පිහිටුවන්නේ කෙසේද?

  • සේවය හැරගොස් මාස තුනක් ඉක්ම නොවූ පුද්ගලයින් තම ආයතන ප්‍රධනියගේ වෙත අභියාචනයක් ඉදිරිපත් කල යුතුය
  • සේවය හැරගොස් මාස තුනකට වඩා වැඩි කාලයක් ගතවූ පුද්ගලයින් සෘජුවම බස්නාහිර පළාත් රාජ්යව සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත අභියාචනයක් ඉදිරිපත් කල යුතුය.

1991.01.01 දිනට පෙර පත්වීම් ලැබූ සේවකයින් බස්නාහිර පළාත් රාජ්යේ සේවයට අන්තර්ග්රලහණය වන්නේ කෙසේද?

  • අදාල අයදුම්පත්ර්ය ආයතන ප්‍රධනියගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කල යුතුය [Click]
  • මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ඉදිරිපත් වන වැන්දඹු පුරුෂයා හෝ භාර්යාව නම් මියගිය පුද්ගලයාගේ බිරිඳ හෝ පුරුෂයා බව සනාථ කිරීමට ඔහුගේ හෝ ඇයගේ අත්සන සාම විනිසුරු වරයෙකු ලවා සහතික කර තිබිය යුතුය.

විශ්‍රාමික රාජ්යු සේවයේ නිලධාරියෙකු නැවත සේවයේ යෙදවීමේදී අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු ලියකියවිලි මොනවාද ?

  • කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලබා දීමේ ආකෘතිය. [Click]
  • කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලබා දීමේ ‘ආ’ ආකෘතිය. [Click]
  • රේඛිය අමාත්ය‍ මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කල යුතු ආකෘතිය. [Click]
  • නිලධාරියාගේ ජීව දත්ත තොරතුරු.
  • නිලධාරියා කොන්ත්‍රාත් පදනම මත සේවය කිරිමට කැමැත්ත ප්‍රකාශ කිරිමේ ලිපිය. (මෙයින් 1,2,3 ආකෘති සේවය කිරිමට ඉල්ලුම් කරන ආයතනයේ ප්‍රධනියගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කල යුතුවේ.)

පළාත් පාලන ආයතන සඳහා අනුමත කාර්ය මණ්ඩලයට අලුතින් තනතුරක් ඇතුලත් කර ගන්නේ කෙසේද ?

  • අදාල කාර්ය මණ්ඩල අවශ්‍යතා නිර්ණය කිරිමේ නිර්දේශ වලට අනුකුලව ආයතන ප්රණධානියා විසින් සම්පුර්ණ කරන ලද පහත සඳහන් ලියවිලි පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කල යුතුය.
  • විධිමත්ව සම්පුර්ණ කරන ලද මු.රේ 71 ආකෘති පතේ පිටපත්06.
  • සාධාරණීයකරණ වාර්තාවේ පිටපත් 06.
  • ඇමුණුම් -01 ආකෘති පත්‍රයේ පිටපත් 06.
  • සභා තීරණයේ පිටපත් 06.

කඩඉම් පරික්ෂණ / දෙපාර්තමේන්තු පරික්ෂණ නොපැවැත්වීම මත නියමිත කාලසීමාව තුලදී සුදුසුකම් සපුරා ගැනීමට නොහැකි වී ඇත්නම් කල යුත්තේ කුමක්ද?

  • එය නිලධාරියාගේ පාලනයෙන් පරිබාහිරව කාර්යයන් මත සිදු වුවක් නම් ආයතන ප්රිධානියා මඟින් අදාල කරුණු දන්වමින් සහන කාලයක් ඉල්ලුම් කල හැක.

ද්විතියික පදනම මත වෙනත් ආයතනයකට නිදහස් කිරීමේදී ඉදිරිපත් කල යුතු ලිපි මොනවාද?

  • ද්විතියික පදනම මත යාමට බලාපොරොත්තු වන ආයතනයේ ප්‍රධනියගේ විසින්, නිලධාරියා තාවකාලිකව නිදහස් කර ගැනීමට ඉල්ලා සිටීමේ ලිපිය.
  • නිලධාරියාගේ කැමැත්ත ප්රයකාශිත ලිපිය.
  • වර්තමාන ආයතන ප්‍රධනියගේ නිර්දේශය.

පළාත් රාජ්ය සේවයේ යෙදී සිටින නිලධාරියෙකු, රජයේ වෙනත් තනතුරකට පත්වීමක් ලැබීමෙන් පසු, එකී පත්වීම භාර ගැනීම සඳහා වර්තමාන ආයතනයෙන් නිදහස් වීමට ගත යුතු ක්‍රියා මාර්ගය කවරේද?

  • නව පත්වීම් ලිපිය හා සේවයෙන් නිදහස් කිරීම සඳහා නිලධාරියාගේ ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කල විට ආයතන ප්ර්ධානියා විසින් වර්තමාන සේවා ස්ථානයෙන් නිදහස් කරනු ලබයි.
  • ඉන්පසු සේවයෙන් නිදහස් කිරීම සඳහා ආයතන ප්‍රධානියා විසින් ඉහත ලියවිලි පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත එවීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරනු ලැබේ.

රැකවල් නිලධාරියෙකු පත් කිරීම කළ යුත්තේ කෙසේද?

අදාළ ආකෘතියෙන් ආයතන ප්රේධානියා මගින් විනය බලධරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

අභියාචනයක් ඉදිරිපත් කිරිමේදී අදාළ අභියාචනය පහත සඳහන් ලිපි ලේඛන සහිතව ආයතන ප්‍රධානියා මගින් විනය බලධරයා වෙත මාස 03ක් ඇතුලත ඉදිරිපත් කළ යුතුය. මාස 06 කට ප්රනථම ලැබෙනසේ ඉදිරිපත් කරන අභියාචනාද සලකා බලනු ලැ‍බේ.

  • දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වාර්තාව (ආයතන සංග්රමහයේ 03 පරිශිෂ්ටය අනුව,) [Click]
  • චොදනා පත්‍රයේ පිටපතක්
  • විනය නියෝගය‍
  • චෝදනා පත්‍රයට චූදිත විසින් ලබා දුන් පිළිතුර
  • ආයතනගත තනතුරක් නම් විනය පරීක්ෂණ වාර්තාව
  • පූර්ව සේවය පිළිබඳ වාර්තා හා සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි.
  • විනය නියෝගයක් සඳහා – අභියාචනා බලධරයා බස්නාහිර පළාත් රාජ්යය සේවා කොමිෂන් සභාව.
  • එම තීරණයට එරෙහිව ගරු ආණ්ඩුකාරතුමා වෙත මාස 03ක් ඇතුලත අභියාචනා ඉදිරිපත් කල යුතුය.