දැක්ම
“ ඵලදායී ආයෝජනයකින් ජනතා ප්‍රගතිය පෙරට ”
මෙහෙවර
“පළාත් මූල්‍ය රීති වලට අනුකූලව විනිවිදභාවයකින් හා වගවීමකින් යුතුව, නිවැරදි මූල්‍ය පාලනයක් පවත්වා ගෙන යාම”
අරමුණු
- මූල්‍ය සැලසුම් සකස් කිරීම හා අයවැය පාලනය
- සේවාලාභීන්ගේ අවශ්‍යතාවන් ප්‍රමාදයකින් තොරව ඉටුකිරීම
- රජයේ මූල්‍ය නීතිරීති, ප්‍රතිපත්ති, තීන්දු හා චක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව මූල්‍ය පරිපාලනය
- ලැබීම්, ගෙවීම්, ආදායම්, වියදම් නිසි පරිදි වාර්තාගත කිරීම, සැසඳීම හා දත්ත සම්පාදනය
- වත්කම්වල ආරක්ෂාව තහවුරු කිරීම
- වගකීම් ගිණුම්ගත කර නිරවුල් කිරීම
- මූල්‍ය තොරතුරු රැස්කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම සහ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සඳහා නවීන තාක්ෂණික ක්‍රම හා විධික්රම භාවිතයට ගැනිම
- රාජ්‍ය දේපළ හා මූල්‍ය වත්කම්වල හිමිකම් ආරක්ෂා කිරීම
- මහජනතාවගේ මුදල් නියමිත කාර්යයන් සඳහා ම ඵලදායීව යෙදවෙන බවට වගබලා ගැනීම
ප්‍රධාන කාර්යයන්
- ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම සහ නඩත්තු කිරීම
- වියදම් ඇස්තමේන්තු නිවැරැදිව සකස් කිරීම
- භාණ්ඩාගාරය, වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වෙත නිශ්චිත මූල්‍ය ප්‍රකාශන හා විවිධ මූල්‍ය තොරතුරු අවශ්‍ය පරිදි ඉදිරිපත් කිරීම
- විගණකාධිපතිගේ විගණන විමසුම්, විගණන වාර්තා වෙනුවෙන් කරුණු සොයා බලා පිළිතුරු ඉදිරිපත් කිරීම, නිරවුල් කිරීම හා වැරැදි අඩුපාඩු වැලැක්වීමට පියවර ගැනිම
- අමාත්‍යංශයේ එක් එක් අංශවලට නිශ්චිත කාර්යයන් ඉටුකිරීමේ දී අවශ්‍ය වන්නාවූ භෞතික සම්පත් අඛණ්ඩව හා අප්‍රමාදව ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව සම්පාදනය කරදීම
- දෙපාර්තමේන්තුවට සම්බන්ධ සහකාර කොමසාරිස් කාර්යාලවල මුල්‍ය කටයුතු සඳහා මගපෙන්වීම, උපදෙස් නිකුත් කිරීම හා එවායේ ගිණුම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම
- බැංකු ගිණුම්, වාර්ෂික වාර්තා පිළිබඳ කටයුතු
- වත්කම් කළමණාකරණයට අදාළව වාර්ෂික තොග සමීක්ෂණ කටයුතු සංවිධානය කිරීමත් අවශ්‍ය වූ අවස්ථාවල දී ස්ථාවර වත්කම් අපහරණය සඳහා විධිමත් ආකාරයට අප්‍රමාදව ක්‍රියාකිරීම
- වාර්ෂික විසර්ජන ගිණුම්, රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ‘බී’ ගිණුම, අග්‍රිම ගිණුම හා පොදු තැන්පත් ගිණුම යනාදි අවසන් ගිණුම් නිවැරැදිව සකස් කර සහතික කිරීම සඳහා නියමිත දිනවල දී විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම
ඉලක්ක
- වැරැදි, වංචා, දෝෂ ආදිය වැලැක්වීම හා/හෝ අවම කිරීම
- ප්‍රමාදය අවම කිරීම හා පුරවැසි ප්රඥප්තිය අනූව කටයුතු කිරීම
- කාර්යය මණ්ඩලයේ කුසලතා ආකල්ප වර්ධනය කිරීම හා අභිප්‍රේරණය කිරීම
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හා සියලු ම සේවාලාභීන් තෘප්තිමත් කිරීම
- අමාත්‍යංශයේ අරමුණු ඉටුකර ගැනීමෙහිලා මූල්‍ය ප්‍රතිපාදන හා සම්පත් මනා කාර්යක්ෂමතාවකින් යොදවා ගැනීමට ගණන්දීමේ නිලධාරීට සහාය වීම