රටේ ආර්ථික සංවර්ධනයට වැඩි ප්‍රතිශතයක දායකත්වයක් දරන්නා වූ ද ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයක් සහිත බස්නාහිර පළාතේ මූල්‍ය, භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත ලෙස මෙහෙය වීමේ දී ප්‍රාදේශීය ආණ්ඩුකරණය සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරනු ලබයි. ජාතික හා පළාත් දැක්මට අනුගත වෙමින් බිම් මට්ටමින් හඳුනාගනු ලබන මහජන අවශ්‍යතාවන් මනාව කළමනාකරණය කරමින් සමාජ, ආර්ථික සංවර්ධනයට දායක වන පළාත් පාලන ආයතන හතළිස් නවයක් පළාත් පාලන දෙපාර්තමේන්තුවෙහි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.
බස්නාහිර පළාතේ මහජන සෞඛ්‍යය, පොදු උපයෝගිතා, පොදු මංමාවත්, ජනතාවගේ සුඛවිහරණය, සුබසාධනය හා සියලු පහසුකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ආදිය විධිමත්ව පරිපාලනය කිරීම මගින් ශක්තිමත්, කාර්යක්ෂම හා නිවැරැදි රාජ්‍ය සේවයක් ඉටුකිරීමට දායක වීම බස්නාහිර පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව ලෙස අපේ පරම අභිලාෂය යි.