දැක්ම
“යහපාලනයෙන් යුත් ඵලදායී පළාත් පාලන සේවාවක් ”
මෙහෙවර
“බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හා සිවිල් සමාජය ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය, තාක්ෂණික, නෛතික සහාය ලබාදෙමින් උපදේශනය, මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ප්‍රජාවට යහපාලනයෙන් යුත් උසස් ජීවන තත්ත්වයක් බිහිකරලීමට දිශාගත කිරීම”
හැඳින්වීම
බස්නාහිර පළාතේ පළාත් පාලනයේ කේන්ද්‍රස්ථානය ලෙස බස්නාහිර පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව පළාතේ පළාත් පාලන ආයතන සඳහා අධීක්ෂණයෙන් ද උපදෙස් ලබාදීමෙන් ද, මගපෙන්වන්නෙකු ලෙස ද පහසුකම් සැපයීම හා සම්බන්ධීකරණය සිදුකරයි.
රජයේ දැක්මට සමගාමීව පළාත් දැක්මට අනුගත වෙමින් ජාතික ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා සමඟින් මානව සම්පත් කළමනාකරණය ආයතන සමබරතාව සමාජයීය, ආර්ථික සංවර්ධනය හා යහපාලනය ඉලක්ක කර ගනිමින් අදාළ කටයුතු සිදුකරයි.
මෙම ක්‍රියාවලියේ දී මධ්‍යගතව පවතින බලය කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්ක වෙත විමධ්‍යගත කිරීම 1995 වර්ෂයේ සිට ආරම්භ වූ අතර පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාල දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කෙරිණ. දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන් ඇතුලු පොදු උපයෝගීතා සේවාවන්, සෞඛ්‍ය වැනි කටයුතු මහජන සුබසිද්ධිය හා සුබසාධනය වෙනුවෙන් පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළව දිස්ත්‍රික් මට්ටමින් එකී කාර්යයන් අධීක්ෂණය කිරීම, පසුවිපරම් කිරීම අදාළ උපදෙස් සැපයීම හා අවශ්‍ය සහය ලබාදීම දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් සිදුකෙරේ.
අරමුණු
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනවල සේවය කරන කාර්ය මණ්ඩලවල ආයතන කටයුතු, මානව සම්පත් කළමනාකරණය, විනය කටයුතු පවත්වාගෙන යාම හා අධීක්ෂණය කිරීම
- බස්නාහිර පළාතේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කර එමගින් මහජන අවශ්‍යතා සපුරාලිය හැකි වන පරිදි පළාත් පාලන ආයතනවලට අවශ්‍ය මූල්‍යාධාර සැපයීම
- පළාත් පාලන ආයතනවලට වඩා ඵලදායී කාර්යක්ෂම සේවයක් ලබාගැනීමට හැකිවන පරිදි සැලසුම් සහගතව පුහුණු කටයුතු මෙහෙයවීම තුළින් මානව සම්පත් සංවර්ධනය කිරීම
- පළාතේ පළාත් පාලන ආයතනවලට අදාළ අනපනත් වලින් පළාත් පාලන විෂයභාර ගරු ඇමතිතුමාට පැවරී ඇති බලතලවලට අනුව එතුමා විසින් පවරනු ලබන අධීක්ෂණ හා පරීක්ෂණ කටයුතු ඉටුකිරීම
- පළාතේ මහජන අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව මහජන ආයතන ආශ්‍රිතව විවිධ ප්රජාසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම
- පළාතේ පළාත් පාලන ආයතනවල යහපත් පාලනය සහතික කිරීම කරනු සඳහා උපදෙස්දීම හා මගපෙන්වීම
- පළාතේ පළාත් පාලන ආයතනවල ස්වකීය කටයුතු මෙහෙයවීම සඳහා විධිමත් හා සැලසුම් සහගත වැඩපිළිවෙළකට යොමුකිරීම
- පළාත තුළ යහපත් පරිසරයක් ඇති කර ඒ තුළින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරීමෙහිලා පරිසර අමාත්‍යංශය සමඟ එකතු වී විවිධ පරිසර ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම
- බස්නාහිර පළාත තුළ ඇති පළාත් පාලන ආයතනවල කාර්යමණ්ඩල වැටුප් වියදම්වලින් සුදුසු ප්‍රමාණයක් හා ගරු මන්ත්‍රීවරුන් සඳහා වන දීමනා ප්‍රතිපූරණය කිරීම