admn

දැක්ම

“සඵලදායී මහජන සේවය උදෙසා”

මෙහෙවර

“ඵලදායීව හා කාර්යක්ෂමව තෘප්තිමත් මහජන සේවයක් සඳහා  ඇප කැප වීමෙන් යුක්තව කටයුතු කිරිම ”

 

ප්‍රධාන කාර්යයන්

  • දෙපාර්තමේන්තුවේ සමස්ථ කාර්යය මණ්ඩලයේ ස්ථිර කිරීම්, කාර්යක්ෂමතා කඩඉම්, උසස්වීම්, සේවා දිගු හා විශ්‍රාම ගැන්වීම්  ඇතුළු සියළුම සේවා කොන්දේසි  කටයුතු ඉටු කරමින් පෞද්ගලික ලිපි ගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  • දෙපාර්තමේන්තුවට හා ඒ යටතේ පාලනය වන පළාත් පාලන ආයතනවලට අවශ්‍ය කාර්ය මණ්ඩලය අනුමත කිරීමේදී පරිපාටියේ සදහන් තනතුරු නාමයට හා වැටුප් පරිමානයට අනුව නිර්දේශ ඉදිරිපත් කරමින් තනතුරු ඇති කිරීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • පළාත් පාලන ආයතන 48 හි දීප ව්‍යාප්ත සේවා උප ලේඛණගත හා ආයතනයගත තනතරු වල පුරප්පාඩු විස්තර කාර්තු වාර්තා මගින් ගෙන්වාගෙන යාවතාකාලීනව පවත්වාගෙන යාම.
  • බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ප්‍රධාන ලේකම් හා පළාත් පාලන ලේකම් විසින් ඉල්ලා සිටින අවස්ථාවන්හිදී පුරප්පාඩු විස්තර ලබාදීම.
  • දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛණ තොරතුරු කාර්තු පතා දැනුම් දීමට කටයුතු කිරීම.
  • පළාත් පාලන ආයතන 48 හි දීප ව්‍යාප්ත සේවා වල නිලධාරී    750  ක ගේ පමණ ස්ථාන මාරු, උසස් කිරීම, කාර්යක්ෂමතා කඩඉම්, වැටුප් වර්ධක අනුමත කිරීම්, විශ්‍රාම ගැන්වීම් ඇතුළු සේවා කොන්දේසි කටයුතු ඉටු කිරීම.
  • පළාත් පාලන ආයතනවල     380   ක් පමණ වන සියළුම මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් නිලධාරීන්ගේ අනුයුක්ත කිරීම්, ස්ථාන මාරු, උසස් කිරීම්, කාර්යක්ෂමතා කඩ ඉම්, වැටුප් වර්ධක අනුමත කිරීම ඇතුළු සියළු සේවා කොන්දේසි කටයුතු.
  • පළාත් පාලන ආයතන 48 හිම සියළුම සේවකයින්ගේ සියළුම විදේශ නිවාඩු පිළිබදව කටයුතු කිරීම.
  • අභ්‍යන්තර චක්‍රලේඛ නිකුත් කිරීම හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ඇතුළු සියළුම චක්‍රලේඛ අදාල කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • දෙපාර්තමේන්තුවේ සියළුම මාණ්ඩලික නිලධාරීන්ගේ හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ඉදිරි පසු වැඩ සටහන් පිළිබදව කටයුතු කිරීම . සීමාව තුල අතිකාල අනුමත කිරීමේ කටයුතු හා සීමාව ඉක්මවන අතිකාල හා ගමන් වියදම් පිළිබද අනුමැතිය ලබා ගැනීම.
  • මණ්ඩලික නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයෙහි පිහිටුවීමට කටයුතු කිරීම.
  • පළාත් පාලන ක්ෂේත්‍රයේ සිටින සියළුම තනතුරු  දරන්නන් සදහා එක් එක් තනතුරට අදාලව බඳවා ගැනීමේ පරිපාටි පිලියෙල කර ඇනුමැතියට ඉදිරිපත් කිරීම.
  • පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන නිලධාරීන්ගේ විනය කටයුතු සම්බන්ධයෙන් මූලික විමර්ශනයේ සිට විනය ‍නියෝගය දක්වා සියළුම කටයුතු මෙන්ම අභියාචනා සම්බන්ධයෙන්ද අදාල පරිදි කටයුතු කිරීම.
  • දෙපාර්තමේන්තුවේ සියළුම වාහන යන්ත්‍රෝපකරණ හා අනෙකුත් විදුලි උපකරණ නඩත්තුව, දුරකථන බිල්පත් පියවීම.
  • දෙපාර්තමේන්තුව වෙත  දෛනිකව ලැබෙන 300 , 350 පමණ වූ ලිපි ලේඛණගත කිරීම හා අදාල අංශ වෙත භාරදීම.
  • දුම්රිය බලපත්‍ර හා දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට කටයුතු කිරීම හා බිල්පත් පියවීම.