දැක්ම
“ නිවැරැදි ඉලක්කයක් තුළින් ඵලදායී සංවර්ධනයක් කරා යොමුව”
මෙහෙවර
“ආයතනයේ අභිමානය පෙරදැරිව සේවාලාභීන්ට ඵලදායී
කාර්යක්ෂම හා ප්රශස්ත සේවාවක් අවම කාලයක් තුළ සතුටින් ලබාදීම අපගේ මෙහෙවරයි.”
ප්‍රධාන කාර්යයන්
- බස්නාහිර පළාත් සභා ක්‍රියාත්මක සැලැස්මේ පළාත් පාලන කොමසාරිස් ව්‍යාපෘති බලධාරීත්වය දරණ ව්‍යාපෘතීන් දිස්ත්‍රික් සහකාර කොමසාරිස් කාර්යාල සමඟ සම්බන්ධීකරණය කරමින් පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කරවීම, මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම,අධීක්ෂණය හා පසුවිපරම් කිරීම.
- ව්‍යාපෘති ප්‍රගතිය පළාත් පාලන ලේකම්(බ.ප.) හා ප්‍රධාන ලේකම්(බ.ප.) වෙත වාර්තා කිරීම.
- බස්නාහිර පළාත් සභාව හා වෙනත් අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධීකරණය. ( උදා -: දැයට කිරුළ, පුරෝගාමී අත්දැකීම් සමුළුව, කාර්යසාධන තරඟය…..)
- බස්නාහිර පළාත් සභාව හා වෙනත් අමාත්‍යාංශ හා ඇතැම් ආයතන කැඳවනු ලබන රැස්වීම් සඳහා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගිවීම.(දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම……..)
- වාර්ෂික පුහුණු සැලැස්ම සැකසීම හා ක්‍රියාත්මක කිරීම, දිස්ත්‍රික් කාර්යාල හා ප්‍රධාන ලේකම් කාර්යාලයේ පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණයට අවශ්‍ය කටයුතු ඉටු කිරීම.
ලේඛණ
- සංවර්ධන ප්‍රගතිය
ආකෘති පත්‍ර
Online fill කර එවිය යුතු ලේඛණ