දැක්ම
“විමර්ශනයෙන් යහපාලනයට”
කාර්යයන්
ලැබෙන මහජන පැමිණිලි පිළිබඳව දිස්ත්‍රික්ක සහකාර කොමසාරිස් මඟින් ලබා ගන්නා පරීක්ෂණ හා නිරීක්ෂණ වාර්තා අනුව විසඳුම් ලබා දීමට කටයුතු කිරීම.
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනයන්හි ආදායම් වියදම් තොරතුරු රැස් කරමින් එම තොරතුරු අවශ්‍ය ආයතන වෙත යොමු කිරීම හා පළාත් පාලන ආයතන වෙත මඟ පෙන්වීම.
- විගණකාධිපති විසින් පළාත් පාලන ආයතන වෙත යොමු කරන විගණන විමසුම්වලට නිසි පරිදි පිළිතුරු ඉදිරිපත් කිරීම පිළිබඳ පසුවිපරම් කිරීම.
- විගණකාධිපති වෙත වර්ෂ අවසානයේ ඉදිරිපත් කරනු ලබන අවසාන ගිණුම් පිළිබඳව පළාත් පාලන ආයතන දැනුවත් කිරීම හා එම වාර්තාව නියමිත කාලය තුල ඉදිරිපත් කිරීම පිළිබඳ පසුවිපරම් කිරීම.
- දිස්ත්‍රික්ක සහකාර කොමසාරිස් හා විමර්ශන නිලධාරීන් මගින් සිදුකරන කාර්යාල පරීක්ෂණ වාර්තා අනුව පළාත් පාලන ආයතනවලට මග පෙන්වීම හා උපදෙස් දීම.