பொதுமக்களுக்கு

  • සේවාලාභීන් වෙත යහපාලනය සහතික කළ ප්‍රසන්න පළාත් පාලන ආයතන පද්ධතියක් බිහිකිරීම.
  • සම්මත කාර්යාල වේලාවෙන් බැහැරව පළාතේ පළාත් පාලන ආයතන තුළින් තොරතුරු විමසීමේ හා අවශ්‍යතා ඉටු කරගැනීමේ පහසුකම් ඇතිකිරීම.
  • සේවාලාභීන් වෙත නව තාක්ෂණය භාවිතයෙන් බදු ගෙවීමේ හැකියාව ඇතිකිරීම.
  • සේවාලාභීන්ගේ කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි පළාත් පාලන ආයතන අඥා පනත් හා පනත් යාවත්කාලීන කිරීම.
  • ගොඩනැගිලි සැලසුම්, බිම් කට්ටි සැලසුම්, වීථි රේඛා වැනි අත්‍යවශ්‍ය සේවාවන් කෙටිකාලසීමාවක් ඇතුළත ලබාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම.
  • කසල බැහැරලීම සම්බන්ධව විද්‍යාත්මක ක්‍රමවේද හඳුන්වාදීම තුළින් පුරවැසියන්ට සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් බිහිකරගැනීමට අවස්ථාව උදාකරදීම.