දැක්ම
“යහපාලනයෙන් සපිරි ඵලදායී පළාත් පාලන සේවාවක්”
මෙහෙවර
“පළාත් පාලන ආයතන හා සේවාලාභීන් සඳහා සුහද මිතුරෙකු මඟපෙන්වන්නෙකු මෙන්ම දාර්ශනිකයකු ලෙස කටයුතු කරමින් පළාත් සභා බලප්‍රදේශය තුළ යහපත් පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන බවට සහතික වීමයි”
හැඳින්වීම
බස්නාහිර පළාතේ පළාත් පාලනයේ කේන්ද්‍රස්ථානය ලෙස බස්නාහිර පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව පළාතේ පළාත් පාලන ආයතන සඳහා අධීක්ෂණයෙන්ද උපදෙස් ලබාදීමෙන්ද, මඟ පෙන්වන්නෙකු ලෙස පහසුකම් සැපයීම හා සම්බන්ධීකාරකත්වය සිදු කරයි.
රජයේ දැක්මට සමගාමීව පළාත් දැක්මට අනුගත වෙමින් ජාතික ප්‍රතිපත්ති හා ප්‍රමුඛතා සමඟින් මානව සම්පත් කළමනාකරණය ආයතන සමබරතාවය සමාජියීය, ආර්ථික සංවර්ධනය හා යහපාලනය ඉලක්ක කර ගනිමින් අදාල කටයුතු සිදු කරයි.
මෙම ක්‍රියාවලියේදී මධ්‍යගතව පවතින බලය කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්ක වෙත විමධ්‍යගත කිරීම 1995 වර්ෂයේ සිට ආරම්භ වූ අතර පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාල දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත කෙරිණ. දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්යයන් ඇතුළු පොදු උපයෝගීතා සේවාවන් සෞඛ්‍ය වැනි කටයුතු මහජන සුබසිද්ධිය හා සුබසාධනය වෙනුවෙන් පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කිරීමේදී ඊට අදාලව දිස්ත්‍රික් මට්ටමින් එකී කාර්යයන් අධීක්ෂණය කිරීම පසුවිපරම් කිරීම අදාල උපදෙස් සැපයීම හා අවශ්‍ය සහය ලබාදීම දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් සිදුකෙරේ.
අරමුණු
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන වල සේවය කරන කාර්ය මණ්ඩලයන්ගේ ආයතන කටයුතු මානව සම්පත් කළමනාකරණය හා විනය කටයුතු පවත්වාගෙන යාම හා අධීක්ෂණය කිරීම.
- බස්නාහිර පළාතේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් හඳුනාගත් යටිතල පහසුකම් සංවර්ධනය කර එමගින් මහජන අවශ්‍යතා සපුරාලිය හැකි වන පරිදි පළාත් පාලන ආයතන වලට අවශ්‍ය මූල්‍ය ආධාර සැපයීම
- පළාත් පාලන ආයතන වලට වඩා ඵලදායී කාර්යක්ෂම සේවයක් ලබාගැනීමට හැකිවන පරිදි සැලසුම් සහගතව පුහුණු කටයුතු මෙහෙයවීම තුලින් මානව සම්පත් සංවර්ධනය කිරීම.
- පළාතේ පළාත් පාලන ආයතන වලට අදාල අනපනත් වලින් පළාත් පාලන විෂය භාර ගරු ඇමතිතුමාට පැවරී ඇති බලතල වලට අනුව එතුමා විසින් පවරනු ලබන අධීක්ෂණ හා පරීක්ෂණ කටයුතු ඉටුකිරීම.
- පළාතේ මහජන අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව මහජන ආයතන ආශ්‍රිතව විවිධ ප්රජාසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම.
- පළාතේ පළාත් පාලන ආයතන වල යහපත් පාලනය සහතික කිරීම කරනු සඳහා උපදෙස්දීම හා මගපෙන්වීම
- පළාතේ පළාත් පාලන ආයතන වල ස්වකීය කටයුතු මෙහෙයවීම සඳහා විධිමත් හා සැලසුම් සහගත වැඩපිළිවෙලකට යොමු කිරීම.
- පළාත තුළ යහපත් පරිසරයක් ඇති කර ඒ තුළින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ඇති කිරීමෙහිලා පරිසර අමාත්‍යාංශය සමග එකතුවී විවිධ පරිසර ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම.
- බස්නාහිර පළාත තුළ ඇති පළාත් පාලන ආයතන වල කාර්යමණ්ඩල වැටුප් වියදම් වලින් සුදුසු ප්‍රමාණයක් හා ගරු මන්ත්‍රීවරුන් සඳහා වන දීමනා ප්‍රතිපූරණය කිරීම.