දැක්ම
“ ඵලදායී ආයෝජනයකින් ජනතා ප්‍රගතිය පෙරට ”
මෙහෙවර
“පළාත් මූල්‍ය රීති වලට අනුකූලව විනිවිදභාවයකින් හා වගවීමකින් යුතුව, නිවැරදි මූල්‍ය පාලනයක් පවත්වා ගෙන යාම.”
අරමුණු
- මූල්‍ය සැලසුම් සකස් කිරීම හා අයවැය පාලනය.
- සේවාලාභීන්ගේ අවශ්‍යතාවයන් ප්‍රමාදයකින් තොරව ඉටු කිරීම.
- රජයේ මූල්‍ය නීතිරීති, ප්‍රතිපත්ති, තීන්දු හා චක්‍රලේඛ විධිවිධාන වලට අනුකූලව මූල්‍ය පරිපාලනය.
- ලැබීම්, ගෙවීම්, ආදායම්, වියදම් නිසි පරිදි වාර්තාගත කිරීම, සැසඳීම හා දත්ත සම්පාදනය.
- වත්කම් වල ආරක්ෂාව තහවුරු කිරීම.
- වගකීම් ගිණුම්ගත කර නිරවුල් කිරීම.
- මූල්‍ය තොරතුරු රැස්කිරීම, ඒවා විශ්ලේෂණය කිරීම සහ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සඳහා නවීන තාක්ෂණික ක්‍රම හා විධික්රම භාවිතයට ගැනිම.
- රාජ්‍ය දේපළ හා මූල්‍ය වත්කම් වල හිමිකම් ආරක්ෂා කිරීම.
- මහජනතාවගේ මුදල් නියමිත කාර්යයන් සඳහාම ළුලදායීව යෙදවෙන බවට වගබලා ගැනීම.
ප්‍රධාන කාර්යයන්
- ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම සහ නඩත්තු කිරීම.
- වියදම් ඇස්තමේන්තු නිවැරදිව සකස් කිරීම.
- භාණ්ඩාගාරය, වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත නිශ්චිත මූල්‍ය ප්‍රකාශන හා විවිධ මූල්‍ය තොරතුරු අවශ්‍ය පරිදි ඉදිරිපත් කිරීම.
- විගණකාධිපතිගේ විගණන විමසුම්, විගණන වාර්තා වෙනුවෙන් කරුණු සොයා බලා පිළිතුරු ඉදිරිපත් කිරීම, නිරවුල් කිරීම හා වැරදි අඩුපාඩු වැළැක්වීමට පියවර ගැනිම.
- අමාත්‍යාංශයේ එක් එක් අංශවලට නිශ්චිත කාර්යයන් ඉටු කිරීමේදී අවශ්‍යවන්නාවූ භෞතික සම්පත් අඛණ්ඩව හා අප්‍රමාදව ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව සම්පාදනය කරදීම.
- දෙපාර්තමේන්තුවට සම්බන්ධ සහකාර කොමසාරිස් කාර්යාලවල මුල්‍ය කටයුතු සඳහා මඟපෙන්වීම, උපදෙස් නිකුත් කිරීම හා එවායේ ගිණුම් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම.
- බැංකු ගිණුම්, වාර්ෂික වාර්තා පිළිබඳ කටයුතු.
- වත්කම් කළමණාකරනයට අදාළව වාර්ෂික තොග සමීක්ෂණ කටයුතු සංවිධානය කිරීමත් අවශ්‍ය වූ අවස්ථාවලදී ස්ථාවර වත්කම් අපහරණය සඳහා විධිමත් ආකාරයට අප්‍රමාදව ක්‍රියා කිරීම.
- වාර්ෂික විසර්ජන ගිණුම්, රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ‘බී’ ගිණුම, අග්‍රිම ගිණුම හා පොදු තැන්පත් ගිණුම යනාදි අවසන් ගිණුම් නිවැරදිව සකස් කර සහතික කිරීම සඳහා නියමිත දිනවලදී විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.
ඉලක්ක
- වැරදි, වංචා, දෝෂ ආදිය වැලැක්වීම හා/හෝ අවම කිරීම.
- ප්‍රමාදය අවම කිරීම හා පුරවැසි ප්රඥප්තිය අනූව කටයුතු කිරීම.
- කාර්යය මණ්ඩලයේ කුසලතා ආකල්ප වර්ධනය කිරීම හා අභිප්‍රේරණය කිරීම.
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හා සියළුම සේවාලාභීන් තෘප්තිමත් කිරීම.
- අමාත්‍යාංශයේ අරමුණු ඉටු කර ගැනීමෙහිලා මූල්‍ය ප්‍රතිපාදන හා සම්පත් මනා කාර්යක්ෂමතාවයකින් යොදවා ගැනීමට ගණන්දීමේ නිලධාරීට සහාය වීම.