ආයතන පරිපාලන අංශයට

ආයතන පරිපාලන අංශයට අදාළව ඉටුකරන කාර්යයන්

  • ස්ථාවර තැන්පත් මුදල් ආපසු ලබාගැනීම සම්බන්ධ කටයුතු ඉටුකිරීම හා පළාත් පාලන ආයතනවල පොදු අරමුදලින් වියදම් දැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම
  • සභා පොදු අරමුදලින් මුදල් ලබාගැනීමට අදාළ කටයුතු හා පළාත් පාලන ආයතන පොදු කටයුතු
  • පළාත් පාලන ආයතනවලට නිලඇඳුම් ලබාදීම සම්බන්ධ කටයුතු
  • සභා රැස්වීම් සම්බන්ධයෙන් ලැබෙන සභා වාර්තා පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් හා පෙන්වීම
  • සභා සංස්ථාපනය, සභාවලට අයත් සීමා පුළුල් කිරීම හා සභා නම් කිරීමේ කටයුතු, පළාත් පාලන ආයතන සඳහා නව වාහන මිලදීගැනීමේ දී රාජ්‍ය වියදම් පාලක කමිටුවේ අනුමැතිය ලබාගැනීම
  • අනුග්‍රහාත්මක කොන්දේසි මත වාහන හා යතුරු පැදි ආනයනය හා ලියාපදිංචියට අදාළ කටයුතු ඉටුකිරිම
  • විනෝද බද්දෙන් නිදහස් කිරීම සදහා අනුමැතිය ලබාදීමට අදාළ කටයුතු
  • විනෝද බදු 10‍‍% ක ප්‍රමාණය ප්‍රතිපූර්ණයට විනෝද බදු නිදහස් කිරිමට අදාළ කටයුතු
  • පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන්ට නිල හැ‍ඳුනුම්පත් විධිමත් පරිදි නිකුත් කිරීමට අදාළ කටයුතු
  • පළාත් පාලන ආයතන නිලධාරීන්ගේ හා මහජන නියෝජිතයන්ගේ නිල දුරකථන සම්බන්ධ කටයුතු ඉටුකිරීම
  • පළාත් පාලන ආයතන බලප්‍රදේශයන්ට අයත් වීථි නම් කිරීම, ස්මාරක ඉදිකිරීම, ක්‍රීඩාපිටි නම් කිරීම ආදි කාර්යයන්ට අදාළ කටයුතු ඉටුකිරීම පළාත් පාලන ආයතන නිලධාරීන්ගේ හා මහජන නියෝජිතයන්ගේ දීමනා සම්බන්ධ කටයුතු ඉටුකිරීම
  • දේශීය ණය සහ සංවර්ධන අරමුදලින් ඉල්ලුම් කරන ලද ණය මුදල් සැපයීමට අදාළ කටයුතු
  • පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන රැස්වීම්, සමත කාර්ය මණ්ඩල රැස්වීම් සංවිධානය කර විධිමත් පරිදි පැවැත්වීම
  • කඩ කාමර බදු දීම කුලියට දීම, ටෙන්ඩර් කටයුතු
  • ඉඩම් අත්පත් කරගැනීම බදුදීම සම්බන්ධ කටයුතු
  • ඉඩම් පැවැරීම, විකිණීම සම්බන්ධ කටයුතු