දැක්ම
“විමර්ශනයෙන් යහපාලනයට”
කාර්යයන්
ලැබෙන මහජන පැමිණිලි පිළිබඳව දිස්ත්‍රික්ක සහකාර කොමසාරිස් මගින් ලබාගන්නා පරීක්ෂණ හා නිරීක්ෂණ වාර්තා අනුව විසඳුම් ලබාදීමට කටයුතු කිරීම
- බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනයන්හි ආදායම් වියදම් තොරතුරු රැස්කරමින් එම තොරතුරු අවශ්‍ය ආයතන වෙත යොමු කිරීම හා පළාත් පාලන ආයතන වෙත මගපෙන්වීම
- විගණකාධිපති විසින් පළාත් පාලන ආයතන වෙත යොමුකරන විගණන විමසුම්වලට නිසි පරිදි පිළිතුරු ඉදිරිපත් කිරීම පිළිබඳ පසුවිපරම් කිරීම
- විගණකාධිපති වෙත වර්ෂ අවසානයේ ඉදිරිපත් කරනු ලබන අවසාන ගිණුම් පිළිබඳව පළාත් පාලන ආයතන දැනුවත් කිරීම හා එම වාර්තාව නියමිත කාලය තුළ ඉදිරිපත් කිරීම පිළිබඳ පසුවිපරම් කිරීම
- දිස්ත්‍රික්ක සහකාර කොමසාරිස් හා විමර්ශන නිලධාරීන් මගින් සිදුකරන කාර්යාල පරීක්ෂණ වාර්තා අනුව පළාත් පාලන ආයතනවලට මගපෙන්වීම හා උපදෙස් දීම